🪷 සේඛබල සූත්‍රය

බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,

  1. පරීක්‍ෂාකිරීමේ බලයද,
  2. භාවනා බලයද යන දෙකයි. “මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ බල දෙක අතුරෙන් යම් මේ භාවනා බලයක් වේද. මේ බලය (අර්හත්වයට නොපැමිණ සෝවාන් ආදී මාර්‍ගයන්හි හැසිරෙන) ශෛක්‍ෂයන් සම්බන්ධ ඥානබලය වේ. මහණෙනි, හෙතෙම ශෛක්‍ෂ බලය නිසා රාගය දුරුකරයි. ද්වේෂය දුරුකරයි. මෝහය දුරුකරයි. රාගය දුරුකොට, ද්වේෂය දුරුකොට, මෝහය දුරුකොට, යමක් අකුසල් වේද, එය නොකෙරෙයි. යමක් පව් වේද, එය සේවනය නොකෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු දෙදෙන වනාහි භාවනා බලයෝ වෙති.

Posted Sep 5, 2025, 9:55 AM UTC

10
Loading comments…