Sysco Labs වැඩ කරන අය "Open to Work" කියල දාන එක ප්‍රායෝගිකව හොඳ වැඩක් ද?

සංවාදය

Sysco Labs අයට උන දේ ගැන කණගාටුයි. මේ සිදුවීමෙන් පස්සේ මම දකිනව ගොඩක් Sysco Labs වැඩ කරන අය linkedin එකේ "open to work" කියල දානවා. සමහර අය දානවා ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, යුරෝපේ, ලංකාවේ වගේ රටවල් ගොඩක වැඩ කරන්න ලෑස්තියි කියලත්.

IT වල දැන් job market එකේ තත්වෙ එක්ක මේ කී දෙනෙකුට ප්‍රායෝගිකව හොයාගන්න පුළුවන් වෙයිද රස්සාවක්? අනික පිටරට වලට work visa නැතුව එහෙම රස්සාවකට ගන්නේ කලාතුරකින්.

රස්සාවක් හොයාගන්න බැරි උනොත් මොකද කරන්නේ? Sysco එකේම ඉද්දී ලොක්කො මේක මතක තියාගෙන අරින්න එයි නේද? මොකද හිතෙන්නේ මේක ගැන?

Posted Jul 29, 2026, 6:54 AM UTC

414
Loading comments…